31 වනදා ඡන්ද විමසීමේ යෝජනාව ක්‍රියාත්මක වන්නේ නෑ – මැතිවරණ කොමිසමේ සභාපති

නිරෝධායන මධ්‍යස්ථානවල සහ නිරෝධායනයට ලක්කර ඇති නිවෙස්වල සිටින ඡන්ද දායකයින්ට ලබන 31 වනදා ට ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ සැලැස්වීමට සැළසුම් කර තිබුණද එය එදිනට සිදු නොවන බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

 

මැතිවරණ කොමිසමේ සාමාජිකයින් අතර අද (27) පැවති සාකච්ඡාවේදී මෙම තීරණයට එළඹුණු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

Exit mobile version