Home දේශීය පුවත් තවත් කොවිඩ් ආසාදිතයින් 175ක් සුවය ලබයි

තවත් කොවිඩ් ආසාදිතයින් 175ක් සුවය ලබයි

0
තවත් කොවිඩ් ආසාදිතයින් 175ක් සුවය ලබයි

අද (28) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 175 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2296ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ (27) දිනයේ වාර්තා වූ නව රෝගීන් 23 දෙනාත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2805ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම ආසාදිතයින් 23 දෙනාගෙන් 17 දෙනෙකු සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කටාර්හි සිට පැමිණි පුද්ගලයින් පස් දෙනෙකු සහ සෞදි අරාබියේ සිට පැමිණි පුද්ගලයෙකු ද කොවිඩ් නයින්ටීන් රෝගීන් ලෙස ඊයේ දිනයේ හඳුනාගෙන ඇත.

ඒ අනුව මේ වන විට රෝගීන් 498 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version