කොරෝනා නිසා විදෙස්ගත ලාංකිකයින් 10,000කට රැකියා අහිමි වෙයි

මැදපෙරදිග ඇතුළු රටවල්වල සිටින ශ්‍රී ලාංකිකයින් 10,000කට පමණ රැකියා අහිමි වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය මහතා පවසයි.

 

මේ අතර, විදේශ ගත ව මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින ශ්‍රමිකයින් දිවයිනට ගෙන්වා ගැනිම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට සූදානම් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

එම කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මංගල රන්දෙණිය මහතා සඳහන් කළේ, ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 40,000ක් පමණ දිවයිනට පැමිණිමට මේ වන විටත් ඉල්ලුම් කර ඇති බවය.

ඔවුන් මෙරටට ගෙන්වා ගැනිම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණය කර ඇති බව ද මංගල රන්දෙණිය මහතා සඳහන් කරයි.

Exit mobile version