කළුතර බන්ධනාගාරයේ රැඳවියන් තිදෙනෙකු පැන යයි

කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් තිදෙනෙකු බන්ධනාගාරයෙන් පළාගොස් තිබේ.

 

බන්ධනාගාර ප්‍රකාශකයෙකු සඳහන් කළේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ රැඳවියන් තිදෙනෙකු නිරෝධායන කටයුතු සඳහා කළුතර බන්ධනාගාරයේ වෙනම ස්ථානයක රඳවා සිටිය දී මෙලෙස අද (02) අලුයම පළාගොස් ඇති බවය.

පසුව බන්ධනාගාර නිලධාරීන් සහ පොලීසිය විසින් සිදුකළ වැටලීමක දී පළාගිය එක් රැඳවියෙකු කළුතර නගරයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අනෙක් රැඳවියන් දෙදෙනා සොයා කළුතර උතුර පොලීසිය සහ බන්ධනාගාර නිලධාරීන් ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

Exit mobile version