Home දේශීය පුවත් කෙසෙල්වත්තේ රයිනා අත්අඩංගුවට

කෙසෙල්වත්තේ රයිනා අත්අඩංගුවට

0
කෙසෙල්වත්තේ රයිනා අත්අඩංගුවට

පෑලියගොඩ පොලිස් වසමේ අධිවේගී පාලම අසළ දී අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැළකෙන “කෙසෙල්වත්තේ දිනුක”ගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

සැකකරු “කෙසෙල්වත්තේ රයිනා” නම් 27 හැවිරිදි අක්බාර් පටුමග, කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පවසයි.

පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී මෙම සැකකරු හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 100ක්, ජංගම දුරකථන 03ක්, සිම් කාඩ්පත් 19ක් හා යතුරු පැදිය ද සමග අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අද (05) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර පෑලියගොඩ පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version