FBI නියෝජ්‍ය අධ්‍යක්ෂ ඇන්ඩෘ මැකේබ් සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

FBI නියෝජ්‍ය අධ්‍යක්ෂ ඇන්ඩෘ මැකේබ් සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. ඔහු විශ්‍රාම යාමට නියමිතිව ඇත්තේ මාර්තු 18 වනදා ය.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් දිගින් දිගට ම එල්ල වූ දේශපාලනික විවේචන හමුවේ ඔහු ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය මැයි මස, එවකට FBI අධ්‍යක්ෂ ජේම්ස් කොමේගේ ඉවත් වීම සමඟ මැකේබ් එහි වැඩබලන අධ්‍යක්ෂ තනතුරට පත්විය.

පසුව ඔහු FBI නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරයට පත් වූ අතර, ක්‍රිස්ටෝපර් ව්‍රෙ FBI අධ්‍යක්ෂ තනතුරට පත්විය

Exit mobile version