යුද හමුදාවට එරෙහිව තියුණු ජයක් සී.එච්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට හිමිවෙයි

අනුරුද්ධ හේරත්ගේ තීරණාත්මක උත්සාහක දිනුම සැමුවෙල් මධුවන්ත සාර්ථකව ගෝලයක් බවට පත් කිරීමෙන් අන්තර් සමාජ පළමුපෙළ ලීග් රගර් තරගාවලියේ දෙවැනි වටයේදී යුද හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 30-28ක තියුණු ජයක් වාර්තා කිරීමට සී.එච්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත්විය.

මෙවර තරගාවලියේ පෙරළිකාර කණ්ඩායම බවට පත්වී සිටින සී.එච්.පිල තරගාවලියේ අනුශූරතාව හඹා යාමේ සටනට එක්වෙමින් පෙරේදා පස්වරුවේ හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී මේ ජයග්‍රහණය ලබා ගත්තේය.

තරගයේ ආරම්භයේ සිටම දෙපිලම කරට කර සටනක නිරතවූවත් 65 වැනි මිනිත්තුවේදී අෂේන් බණ්ඩාර තැබූ විශිෂ්ට උත්සාහක දිනුමෙන් ලකුණු 28-20කින් පෙරමුණ ගත් යුද හමුදා පිල හමුවේ සටන්කාමී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ සී.එච්.පිල 72 වැනි මිනිත්තුවේදී සැමුවෙල් මධුවන්ත එල්ල කළ දඬුවම් පහරත් සමග ලකුණු 23 දක්වා ඉහළ දමාගත්තේය.

Exit mobile version