මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 2871ක් දක්වා ඉහළ යයි

මෙරට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 2871 දක්වා ඉහළ ගොස් තිබේ.

 

ඒ ඊයේ(10) දිනයේ හඳුනාගැණුනු නව රෝගීන් 27 දෙනාත් සමඟයි.

ඊයේ දිනයේ හඳුනාගැණුනු ආසාදිතයින් 27 දෙනා අතර 23 දෙනෙකු සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඔවුන් සියලුදෙනා නිරෝධායනයට ලක් වෙමින් සිටින අය බව සෞඛ්‍ය අංශ පවසති.

මේ අතර එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් සිව් දෙනෙකු ද, ඊයේ දිනයේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලෙස හඳුනාගැණුනි.

ඒ අනුව මේ වන විට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 267 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Exit mobile version