අද එජාප කෘත්‍යායාධිකාරි මණ්ඩලය රැස්වෙයි

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යායාධිකාරි මණ්ඩල රැස්වීමක් අද (14) පෙරවරු 10ට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

 

මෙහිදී, පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳ අවසන් තීරණ කිහිපයක් ගැනීමට නියමිත බව දේශාපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

විශේෂයෙන් ම පක්ෂ නායකත්වය හා ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරය පිළිබඳ මෙහිදි අවසන් තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වේ.

මේ අතර ඊයේ (13) පස්වරුවේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වා තිබේ.

මෙම සාකච්ඡාව සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් රැසක් සහභාගි වු බව වාර්තා වේ.

Exit mobile version