අල්ලස් හා දුෂණ, මූල්‍ය අපරාධ චෝදනා නඩු කඩිනමින් විභාග කිරීමට විශේෂ මහාධිකරණයක්

අල්ලස් හා දුෂණ චෝදනා සහ අතිශය සංකීර්ණ මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් වන නඩු කටයුතු කඩිනමින් විභාග කිරීම සඳහා විශේෂ මහාධිකරණයක් පිහිටුවීමට පියවර ගැනේ.

මේ සඳහා අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ.

නඩු කටයුතු කඩිනමින් විභාග කිරීම සඳහා විශේෂයෙන් කැප වූ ත්‍රිපුද්ගල මහාධිකරණයක් පිහිටුවීම සඳහා 1978 අංක 2 දරණ අධිකාරණ සංවිධාන පනත සංශෝධනය කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලබා දෙනු ලැබ තිබේ.

Exit mobile version