Home දේශීය පුවත් 20 වන සංශෝධනයට නිර්දේශ ඉදිරිපත් කිරීමට කැබිනට් අනු කමිටුවක්

20 වන සංශෝධනයට නිර්දේශ ඉදිරිපත් කිරීමට කැබිනට් අනු කමිටුවක්

0
20 වන සංශෝධනයට නිර්දේශ ඉදිරිපත් කිරීමට කැබිනට් අනු කමිටුවක්

නව රජයේ කැබිනට් ප්‍රකාශක ලෙස ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පත්කර තිබේ.

 

සම කැබිනට් ප්‍රකාශකවරුන් ලෙස අමාත්‍යවරුන් වන වෛද්‍ය රමේෂ් පතිරණ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් පත් කර ඇත.

2020 මහ මැතිවරණයෙන් බහුතර බලයක් හිමි වු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පිහිටුවූ ආණ්ඩුවේ මංගල අමාත්‍ය මණ්ඩල රැස්විම ඊයේ (19) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය අවලංගු කිරීමටත්, 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් සකස් කිරීමටත් එහිදී අනුමැතිය හිමිව තිබේ.

මේ අතර ඊයේ දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්විමේ දී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට කැබිනට් අනු කමිටුවක් පත් කර තිබේ.

එම කැබිනට් අනුකමිටුව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පිරීස්, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි, බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල හා කම්කරු අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version