ජනාධිපති පාර්ලිමේන්තුවට පැම්ණෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නව වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය සදහා මේ වන විට පාර්ලිමේන්තුවට පැම්ණ තිබේ.

 

ඉතිහාසයට එක්වන විශේෂතා රැසක් සමගින් ශ්‍රී ලංකාවේ නව වැනි පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම අද (20) උදෑසන 9.30ට ආරම්භ විය.

අනතුරුව 9 වැනි පාර්ලිමේන්තුවේ කථානායක ධුරයට මහින්ද යාපා අබේවර්ධන මහතා නිතරගයෙන් පත් විය.

සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කථානායක ධුරය සඳහා මහින්ද යාපා අබේවර්ධන මහතාගේ නම යෝජනා කළ අතර, එය ස්ථිර කරනු ලැබුවේ සමගි ජන බලවේගයේ රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයාය.

ඉන් අනතුරුව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා විසින් නව කථානායකවරයා ලෙස මහින්ද යාපා අබේවර්ධන මහතාගේ නම ප්‍රකාශයට පත් කළ අතර යෝජනා ස්ථිර කළ මන්ත්‍රීවරුන් දෙපල විසින් නව කථානායකවරයා කථානායක අසුන වෙත කැඳවාගෙන යාම සිදුවිය.

අනතුරුව මහින්ද යාපා අබේවර්ධන මහතා නවවන පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස දිවුරුම් දෙනු ලැබීය.

මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් දිවුරුම්දීම ඉන් පසුව සිදුවිය.

Exit mobile version