මගීන් රැගත් බස් රථයක් පාලමක් මතින් ගඟට වැටී 36ක් මරුට

බටහිර බෙංගාලයේ මර්ෂිදාබාද් හි දී මගීන් රැගත් බස් රථයක් පාලමක් මතින් ගඟට ඇද වැටී සිදු වූ අනතුරින් 36 දෙනකු මිය ගොස් 22දෙනකු තුවාල ලබා තිබේ.

ඊට අමතරව තවත් පිරිසක් අතුරුදන් වී ඇති බැවින් ගමන් ගත් මුළු මගීන් සංඛ්‍යාව කොපමණ දැයි නිශ්චිතව පැවසිය නොහැකි බව ප්‍රාදේශීය පොලීසිය පවසයි. වාර්තා වන අන්දමට එම බස් රථය පාලමක් මතින් ගමන් කිරීමේදී මෙම අනතුර සිදුව ඇති අතර පාලමේ ඇන්ද කඩාගෙන රථය ගඟට වැටී ඇත.

එහිදී ගිනි නිවන සේවකයන් දෙදෙනකු ද පොලිස් නිලධාරියෙකු ද තුවාල ලබා ඇත.

Exit mobile version