කොරෝනා ආසාදනය වූ 24ක් සුවය ලබයි

අද (21) උදෑසන 10 වන විට මෙරට කොරෝනා ආසාදිතයින් 24 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 2,789ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (20) දිනයේ දී වාර්තා වු කොරෝනා ආසාදිතයින් 16 දෙනා සමග මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 2,918ක් දක්වා ඉහළ ගියේය.

ඒ අනුව මේ වන විට ආසාදිතයින් 118ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

Exit mobile version