ගලගෙදර අනතුරකින් පියෙකුට සහ දියණියකට දිවි අහිමි වෙයි

ගලගෙදර පොලිස් වසමේ මහනුවර – කුරුණෑගල මාර්ගයේ සිදුවු රිය අනතුරකින් එකම පවුලේ පියා සහ දියණිය ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

ඊයේ (23) රාත්‍රීයේ කුරුණෑගල දෙසට ධාවනය වු කන්ටේනර් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි කාර් රථයක ගැටී අනතුරුව ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි තවත් කාර් රථයක් මතට පෙරළී අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබු කාර් රථ දෙකෙහි ගමන් ගත් පුද්ගලයින් 5 දෙනෙක් හා කන්ටේනර් රථයේ රියදුරු ගලගෙදර හා පේරාදෙණිය රෝහල වෙත ඇතුළත් කර තිබේ.

එහිදී කන්ටේනර් රථයට යට වු කාර් රථයේ සිටි රියදුරු හා කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙසේ මියගොස් ඇත්තේ, එකම පවුලේ වයස අවුරුදු 2ක් වන දියණිය හා වයස අවුරුදු 36ක් වන ඇයගේ පියා ය.

අනතුර සම්බන්ධයෙන් ගලගෙදර පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Exit mobile version