Home දේශීය පුවත් ඉන්දීයානුවෝ පිරිසක් ආපසු සිය රටට

ඉන්දීයානුවෝ පිරිසක් ආපසු සිය රටට

0
ඉන්දීයානුවෝ පිරිසක් ආපසු සිය රටට

ශ්‍රී ලංකාවේ පවත්වා ගෙනයනු ලබන යකඩ හා වානේ කර්මාන්තශාලාවල සේවය කරන ඉන්දීය ජාතිකයන් 174 දෙනෙකු රැගෙන ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (25) දහවල් කටුනායකින් නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය බව අප වාර්තාකරු පවසයි.

ඔවුන් පිටත්ව ගොස් ඇත්තේ ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 282 දරන ගුවන් යානය මගිනි.

මෙම ගුවන් යානයෙන් ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 38 දෙනෙකු ද මෙරටට පැමිණ ඇත.

මෙයට පෙර අවස්ථා කීපයක දී ද මෙරට තුළ පෙදරේරුවන් සහ වඩු කාර්මිකයන් ලෙස සේවය කළ ඉන්දීය ජාතිකයන් පිරිසක් ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා වලින් ඉන්දියාට නැවත ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version