අතුරු සම්මත ගිණුමක් හෙට පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තුව හෙට (27) පෙරවරු 9.30ට රැස්වීමට නියමිත අතර එහි දී සැප්තැම්බර් මස 01 වනදා සිට දෙසැම්බර් මාසය දක්වා කාලය සඳහා වු අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.

 

ඊට අදාළ විවාදය හෙට සහ අනිද්දා (28) යන දෙදින තුළ පැවැත්වීමට නියමිතය.

ඒ අනුව පෙරවරු 9.30ට සිට පස්වරු 6.30 දක්වා එම දෙදින තුළ අතුරු සම්මත ගිණුමට අදාළ විවාදය පැවැත්වෙන බව සඳහන් වේ.

Exit mobile version