9 වැනි ශ්‍රේණිය සමත්වන සෑම දරුවෙකුටම සහතිකයක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල්වල 6 වැනි ශ්‍රේණියෙන් ඉහළට වෘත්තීය මාර්ගෝපදේශනය අනිවාර්ය කිරීමට රජය තීරණය කර තිබේ.

 

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා දුරස්ථ අධ්‍යාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය උපාලි සේදර මහතා සඳහන් කළේ, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ එම පියවර ගන්නා බවයි.

මේ තුළින් පාසල් අධ්‍යාපනය ලබන අවධියේම රැකියා අභිමුඛ පුහුණුවකට සිසුන් යොමු කෙරෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

මීට අමතරව පාසල්වල උපදේශන ක්‍රියාවලිය අනිවාර්ය කිරිමට ද නියමිත වන අතර දරුවන් අතර පවතින විවිධ මානසික හා සමාජ ගැටලුවලට මේ තුළින් විසඳුම් ලබා දීමට නියමිතය.

9 වැනි ශ්‍රේණිය සමත්වන සෑම දරුවෙකුටම අනිවාර්ය අධ්‍යාපන කාලය අවසන් කළ බවට සහතිකයක් ද නිකුත් කරන බව ලේකම්වරයා සදහන් කරනු ලැබිය.

Exit mobile version