පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය වැසෙයි

නැවත දැනුම්දෙන තුරු පාර්ලිමේන්තු මහජන ගැලරිය විවෘත කිරීම අත්හිටුවා  ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ශාන් විජේතුංග මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටීයි.

 

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව මෙම තීරණය ගෙන ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රන්නාදු මහතා පවසයි.

එමෙන්ම මහජන ගැලරිය විවෘත කෙරෙන දිනය, සෞඛ්‍ය අංශවල උපදෙස් මත ඉදිරියේ දී දැනුම්දීමට නියමිතය.

Exit mobile version