කොරෝනා රෝගීන් 3කට සුවයි

මේ වන විට කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.ඒ, අනුව මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 2,819ක් දක්වා ඉහළ ගොස් ඇත.

 

ඉන්දීයාවේ සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි කොවිඩ් ආසාදිතයන් 12 දෙනෙකු ඊයේ (25) හඳුනාගැනීමත් සමග මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 2971ක් දෙනෙකු දක්වා ඉහළ ගියේය.

මේ වන විට කොරෝනා ආසාදිතයින් 140 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

Exit mobile version