සා/පෙළ සිසුන්ගේ විෂය ආවරණය කර තිබේදැයි තොරතුරු රැස් කෙරේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ විෂය නිර්දේශ ආවරණය කර තිබේදැයි සම්බන්ධයෙන් තොරතුරු රැස් කිරීම ආරම්භ වී තිබේ.

 

විභාග කොමසාරිස් ජෙනරාල් සනත් බී පූජිත මහතා සඳහන් කළේ , සියලු පාසල්වලින් අදාළ වාර්තා කැඳවීමෙන් පසු සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනය තීරණය කරන බවයි.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයැදුම්පත්‍ර කැඳවීම සිදු කෙරෙන්නේ ඔන්ලයින් තාක්ෂණයෙන් ය.

ලබන 31 වැනිදා දක්වා ඒ සඳහා අවස්ථාව හිමි වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය.

Exit mobile version