ක්‍රයිස්ට්චර්ච් තුවක්කුකරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

ක්‍රයිස්ට්චර්ච් තුවක්කුකරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ.

 

මෙවැනි දඬුවමක් නවසීලන්තය ලබාදී ඇත්තේ ඉතිහාසයේ ප්‍රථම වරට බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රෙන්ටන් ටැරන්ට් නැමැති මෙම පුද්ගලයා නවසීලන්තයේ දේවස්ථාන දෙකක පුද්ගලයන් 51 දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ අතර තවත් පුද්ගලයන් 40 දෙනෙකු ඝාතනයට තැත් කර තිබුණි.

ඔහුට එරෙහිව ත්‍රස්ත චෝදනා ද එල්ල වී තිබුණි.

ලොවම කම්පනයට ලක්කළ මෙම ප්‍රහාරය ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ සජීවීව විකාශය කිරීමට ද අදාළ ඝාතකයා පියවර ගෙන තිබුණි.

Exit mobile version