රුසියාවේ ඔලිම්පික් ක්‍රීඩකයන් 28දෙනකුට පනවා තිබු ක්‍රීඩා තහංචිය අහෝසි කරයි

රුසියාවේ ඔලිම්පික් ක්‍රීඩකයන් විසිඅට දෙනකුට එරෙහිව පනවා තිබුණ ජීවිතාන්තය සඳහා බල පැවැත්වුන ක්‍රීඩා තහංචි අහෝසි කෙරෙන අධිකරණ තීන්දුවක් ප්‍රකාශයට පත්කොට ඇත.

එම ඓතිහාසික තීන්දුව දී තිබෙන්නේ ක්‍රීඩාව තුළ මතු වෙන ආරාවුල් නිරාකරණය කිරීම භාර අධිකරණය විසිනි.

එකී තහංචිය බල පැවැත්වුන ක්‍රීඩකයන්ට එරෙහිව දඬුවම් කිරීම සඳහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) විසින් ඉදිරිපත් කරන ලද සාක්ෂි ප්‍රමාණවත් නොවන බව එම අධිකරණයේ නිගමනය වී ඇත.

එහෙත් ක්‍රීඩකයන් එකොළොස් දෙනකුට එරෙහිව පනවා තිබුණ ක්‍රීඩා තහංචි අර්ධ වශයෙන් අනුමත කළ අධිකරණය “තහනම් උත්තේජක පාවිච්චිය සම්බන්ධයෙන් පනවා ඇති තහංචි ඔවුන් විසින් උල්ලංඝනය කරනු ලැබ ඇති බව කරුණු සහිතව තහවුරු වී ඇති” බව කියා සිටියේය.

Exit mobile version