හෙරොයින් ලග තබාගත් බන්ධනාගාර නියාමකට වැඩ වරදී

ඊයේ (27) දින බොරැල්ල පොලිස් වසමේ, සිරිසර උයන්, බොරුල්ල ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 94යි මිලිග්‍රෑම්132ක් සමග බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු 49 හැවිරිදි සිරිසර උයන්, බොරුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ සැකකරු අද (28) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් තිරීමට නියමිතය.

එම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් සිදුකරයි.

Exit mobile version