ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත මේ සතියේ අමාත්‍ය මණ්ඩලයට

මෙම සතියේ අමාත්‍ය මණ්ඩලයට යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරිපත් කිරිමට නියමිත බවට වාර්තා වෙයි.

 

එළඹෙන බදාදා පස්වරු 04.00ට අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට කටයුතු යොදා තිබේ.

අදාළ කෙටුම්පත එම අවස්ථාවේදි අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරෙනු ඇත.

තවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය සඳහා අධිකරණ අමාත්‍යාංශය විසින් පත් කරනු ලබන කමිටුව පිළිබඳ යෝජනාව ද මෙම සතියේ දී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරිමට නියම්තව ඇත.

Exit mobile version