Home දේශීය පුවත් අඩු ආදායම්ලාභී ලක්ෂයකට රැකියාදීමේ වැඩසටහන අද සිට

අඩු ආදායම්ලාභී ලක්ෂයකට රැකියාදීමේ වැඩසටහන අද සිට

0
අඩු ආදායම්ලාභී ලක්ෂයකට රැකියාදීමේ වැඩසටහන අද සිට

අද (02) දින සිට අඩු ආදායම්ලාභීන් ලක්ෂයකට රැකියා ප්‍රදානය කිරීම ආරම්භ කිරිමට නියම්තව තිබේ.

 

මෙම වැඩසටහන නිපුණතාවක් රහිත සහ අඩු ආදායම්ලාභී ජන කොටස් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

අපොස සාමාන්‍ය පෙළට අඩු අධ්‍යාපනික මට්ටමක සිටින නුපුහුණු ශ්‍රමිකයෙකු වීම, හෝ කිසිදු අධ්‍යාපනයක් නොලද  අවුරුදු 18 ට නොඅඩු හා 40ට නොවැඩි වයසක පසුවිම මේ සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් වේ.

තවද සමෘද්ධි සහනාධාර ලබන හෝ ලැබීමට සුදුසු පවුලක රැකියා විරහිත සාමාජිකයෙකු සහ වයස්ගත රෝගාතුර දෙමාපියන් හෝ ආබාධිත සාමාජිකයින් සිටින පවුලක රැකියා විරහිත සමාජිකයෙකු විම ද ඒ සඳහා අවශ්‍ය අනෙක් සුදුසුකම් වේ.

සුදුසුකම් සපුරා ඇති එක් පවුලකින් එක් ඉල්ලුම්කරුවෙකු පමණක් තෝරා ගනු ලබන අතර ඔවුන්ට සාර්ථක පුහුණුවකින් පසු පදිංචි ප්‍රදේශයේම හෝ ආසන්න ප්‍රදේශයේ රැකියා සඳහා නියුක්ත කිරීමට නියමිතව තිබේ.

මාස 06ක අඛණ්ඩ පුහුණු කාලසීමාව තුළ මසකට රුපියල් 22,500ක දිමනාවක් ලබා දෙනු ලබන අතර පසුව රජයේ අනුමත ප්‍රාථමික ශිල්පීය නොවන වැටුප් හා දිමනා හිමි වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

අඛණ්ඩ වසර 10ක සේවා කාලයකින් පසු ඔවුන් සදහා රජයේ විශ්‍රාම වැටුප් ද හිමිවනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version