මහනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයකට නැවතත් භූ කම්පන තත්ත්වයක්

අද (02) දින යළිත් මහනුවර, හාරගම, අනුරගම ඇතුළු ප්‍රදේශ කිහිපයක් ආශ්‍රිතව කම්පන තත්ත්වයක් ඇතිව තිබේ.

 

අද පෙරවරු 7.06 ට එම කම්පන තත්ත්වය වාර්තා වී ඇති බව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය පැවසීය.

ඒ පිළිබඳ පල්ලේකැලේ මධ්‍යස්ථානයේ සටහන්ව ඇතැයි ද එම කාර්යාංශය සඳහන් කරනු ලැබිය.

අදාළ කම්පන තත්ත්වයන් පිළිබඳ හය දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මගින් අඛණ්ඩ විමර්ශන ක්‍රියාත්මක බව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය පැවසීය.

මහනුවර, හාරගම ප්‍රදේශයේ පසුගිය මස 28 වැනිදා රාත්‍රී 8.32 ට කිසියම් කම්පන තත්ත්වයක් වාර්තා වී ඇති බවට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ පල්ලේකැලේ මධ්‍යස්ථානයේ මීට පෙර සටහන්ව ඇත.

Exit mobile version