මෝදිගේ ට්විටර් ගිණුම හැක් වෙයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ පුද්ගලික ට්විටර් ගිණුමට හැකර් ප්‍රහාරයක් එල්ල වී ඇත.

 

අග්‍රාමාත්‍යවරයාගේ ට්විටර් ගිණුම ආරක්ෂා කිරීමට පියවර ගෙන ඇති  අතර අදාළ හැකර් ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙන බව ට්විටර් සමාගම ප්‍රකාශ කර තිබේ.

සහන අරමුදලකට පරිත්‍යාග ලබාදෙන ලෙස ඉල්ලමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ට්විටර් ගිණුම මඟින්
පණිවුඩ මාලාවක් හැකර්වරු විසින් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම Twitter ගිණුම පහතින් දැක්වේ.

Exit mobile version