Home දේශීය පුවත් සපත්තුවක සගවා ගෙන ගිය මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

සපත්තුවක සගවා ගෙන ගිය මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

0
සපත්තුවක සගවා ගෙන ගිය මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් 90ක් සපත්තුවක් තුළ සූක්ෂම ලෙස සඟවාගෙන සිටි පුද්ගලයෙකු වැල්ලවාය ඌව කුඩාඔය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

“සුනාමි කලුවා“ නොහොත් ලක්ෂ්මන් දුෂිත් කුමාර නම් තෙලුල්ල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙයි.

ඔහු සන්තකයේ තිබි හෙරොයින් සඟවා සූක්ෂම ලෙස ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් සපත්තු යුගලයක් මෙන්ම හෙරොයින් සඟවා ප්‍රවාහනය කිරීමට යොදාගත් ඔරලෝසුවක් සහ ජංගම දුරකථනයක් ද සොයාගෙන තිබෙන අතර සැකකරු අද (03) දින වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

එමෙන්ම ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ලබාගෙන හෙරොයින් ජාවාරමේ නිරතවු ‘‘මීගොඩ චව්වා‘‘ නොහොත් චමින්ද රොහාන් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු පාදුක්ක පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සතුව තිබි හොරොයින් පැකට් 240 ක් පොලිසිය භාරයට ගෙන ඇති අතර එහි සම්පූර්ණ බර ග්‍රෑම් 19 ක්.

හෙරොයින් ජාවාරමට සම්බන්ධ ‘‘බඩෝවිට වසා‘‘ තැනැත්තා බඩෝවිට ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 4 ක් සහ රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් සමග ගල්කිස්ස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version