Home දේශීය පුවත් නිරෝධායනයට යොමුකර සිටි අයෙක් මියයයි

නිරෝධායනයට යොමුකර සිටි අයෙක් මියයයි

0
නිරෝධායනයට යොමුකර සිටි අයෙක් මියයයි

නුවරඑළියේ සංචාරක හෝටලයක් තුළ නිරෝධායනය වෙම්න් සිටි පුද්ගලයෙකු රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබෙන බව වාර්තා වෙයි.

 

ජා-ඇල කොටුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි එක්දරු පියෙක් මෙලෙස ම්යගොස් ඇති අතර මොහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පසුගිය 31 වැනිදා මෙරටට පැම්ණ තිබේ.

ඒ පුද්ගලයා හෘදයාබාධයකින් සහ දියවැඩියාව රෝගයෙන් පෙලුණු අයෙකු වන අතර දිවයිනට පැමිණීමට පෙර ඔහුගේ පාදයක තිබු තුවාලයකට විෂබීජ ඇතුළු වී ඇති අතර, පසුගිය 2 වැනිදා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කර සිටිය දී මෙලෙස ම්යගොස් තිබේ.

කෙසේවෙතත් නුවරඑළිය මූලික රෝහලේ අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ මෙම පුද්ගලයාට කොරෝනා වෛරසයට ආසාදනය වී නොමැති බවයි.

මෙරටට පැමිණීමට පෙර ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මසක පමණ කාලයක් රෝහල් ගතව සිටි බවද වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version