Home දේශීය පුවත් වියළි කහ තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

වියළි කහ තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

0
වියළි කහ තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

ඉන්දියාවේ සිට නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද වියළි කහ කිලෝ 1379යි ග්‍රෑම් 960ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ලුණු විකිණීමට රැගෙන යන මුවාවෙන් එම කහ තොගය මීගමුව ප්‍රදේශයට රැගෙන යමින් සිටිය දී පොලීසියට ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමක දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු මන්නාරම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version