Home දේශීය පුවත් ලංකාවේ PCR පරීක්ෂණ 2,39,907ක් දක්වා ඉහළට

ලංකාවේ PCR පරීක්ෂණ 2,39,907ක් දක්වා ඉහළට

0
ලංකාවේ PCR පරීක්ෂණ 2,39,907ක් දක්වා ඉහළට

ලංකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3123 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

 

කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 186ක් වන අතර සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2925 ක් වෙයි.

ඊයේ(06) දිනයේ දී තවත් කොරෝනා රෝගින් දෙදෙනෙකු වාර්තා විය.

කොරෝනා අසාදිතයින් හඳුනා ගැනීම සඳහා මෙරට තුළ PCR පරීක්ෂණ 2,39,907 ක් සිදුකර ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය පැවසුවේ ඊයේ දිනය තුළ පමණක් PCR පරික්‍ෂණ 1,820 ක් සිදුකර ඇති බවයි.

අද උදෑසන වනවිට කන්දකාඩු සහ සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්ට සම්බන්ධ සියලු ආසාදිතයින් සංඛ්‍යාව 640 කි.

ඒ අතරට පුනරුත්ථාපනය වන රැඳවියන් 519 දෙනෙකු , කාර්ය මණ්ඩලය 67 දෙනෙකු, ආරාධිත කාර්ය මණ්ඩලය 05 දෙනෙකු , පවුල් හා සමීපතමයින් 48 දෙනෙකු සහ වැලිකඩ බන්ධනාගාරයේ කොරෝනා ආසාදිත වූ රැඳවියා ඇසුරු කළ පුද්ගලයින් අයත් වේ.

මේ අතර කොරෝනා හේතුවෙන් විදේශයන්හි සිරවී සිටි ශ්‍රීලාංකිකයින් 110 දෙනෙකු අද දිවයිනට පැමිණියේය.

ඒ, ජර්මනිය, ඩුබායි, කටාර්, ඉන්දියාව හා ජපානයේ සිටයි.

එසේම තවත් 86 දෙනෙකු අද දිනයේ පැමිණීමට නියමිතව තිබේ.

එම සියලුදෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු සූදානම් කර තිබේ.

මේ වනවිට නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත පුද්ගලයින් සංඛ්‍යාව 38,359 කි.

ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 63 ක් තුළ පුද්ගලයින් 6610 දෙනෙකු නිරෝධායනය වෙමින් ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

ඒ අනුව, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අදාලව පුද්ගලයින් 626 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති අතර දැනට එම මධ්‍යස්ථානයට සම්බන්ධව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 14 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version