වත්කම් ප්‍රකාශ ලබාදීම ගැන පාර්ලිමේන්තුවේ අවධානයට ලක්වෙයි

කරුණු සොයාබලා නිවැරැදිව වාර්තා කිරීම ජනමාධ්‍ය වගකීමක් බව කතානායක කරූ ජයසූරිය මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

මන්ත්‍රීවරුන් විසින් තම වත්කම් හා බැරකම් ලබාදී නැතැයි පුවත්පතක් කළ වාර්තා කිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින් කතානායකවරයා මෙසේ සඳහන් කළ අතර මන්ත්‍රීවරු සැලකිය යුතු ප්‍රමාණයක් තම වත්කම් ප්‍රකාශ ලබාදී ඇති බව ද ප්‍රකාශ කළේ ය.

මෙහිදී අඳහස් දැක්වූ මන්ත්‍රී රවී කරුණානයක මහතා සඳහන් කළේ, මාධ්‍යයේ ද වත්කම් ඉදිරිපත් කරන ලෙසයි. එහිදී කතානායකවරය සඳහන් කළේ එසේ කිරීමේ හැකියාවක් නොමැති බවය.

මෙහිදී අඳහස් දැක් වූ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ, වත්කම් ප්‍රකාශ ලබාදුන් හා නොදුන් අයගේ නම් ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන  ලෙසයි. එසේ නැති නම් වත්කම් ප්‍රකාශ ලබාදුන් මන්ත්‍රීවරු හා ඇමැතිවරු නිකරුණේ චෝදනාවට ලක්වන බව පැවසී ය.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, වත්කම් ප්‍රකාශ  ජනාධිපති ලේකම්වරයාගෙන් ලබාගැනීමට කටයුතු කරන ලෙසත් ලබාදුන් අය ප්‍රසිද්ධ කරන ලෙසත් ඉල්ලා සිටියේ ය.

Exit mobile version