Home දේශීය පුවත් හෙරොයින් ජාවාරම්කරුවෙකුට නියම වූ දඬුවම

හෙරොයින් ජාවාරම්කරුවෙකුට නියම වූ දඬුවම

0
හෙරොයින් ජාවාරම්කරුවෙකුට නියම වූ දඬුවම

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 29.71ක් සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 28 හැවිරිදි විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණ විසින් මරණීය දණ්ඩනය නියම කර තිබේ.

 

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මෙසේ මරණීය දණ්ඩනය නියම කළේය.

කොළඹ, මට්ටක්කුලිය, පල්ලිය පාරේ පදිංචි තුප්පහිගේ නුවන් සංජීව නැමැති අයෙකුටයි මෙසේ මරණීය දණ්ඩනය නියම කළේ.

2018 වසරේ අප්‍රේල් මස 16 වනදා කොළඹ, ඉගුරුකඩේ හංදිය ප්‍රදේශයේ දී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 29.71 ක් සන්තකයේ තබාගෙන සිටිය දී වරාය දූෂණ විමර්ශන කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගෙන තිබුණි.

ඉන් අනතුරුව නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව හෙරොයින් මත්කුඩු සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළේය.

දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම යන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවට තීන්දු කර සිටියේය.

ඒ අනුව විත්තිකරුට මරණීය දණ්ඩනය නියම කරන බවද විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version