මැදපෙරදිග රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 472ක් දිවයිනට

මැදපෙරදිග රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 472 දෙනෙකු අද(11) දින දිවයිනට පැමිණි බව වාර්තා වෙයි.

 

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටි ශ්‍රී ලාංකිකයන් 405 දෙනෙකු අද අලුයම පැමිණ තිබේ.

කටාර් රාජ්‍යයේ, දෝහා සිට ශ්‍රී ලාංකිකයන් 67 දෙනෙකු ද අද අලුයම දිවයිනට පැමිණ තිබුණි.

ඔවුන් සියලුදෙනා ගුවන්තොටුපොළේ දී පී.සී.ආර්.පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව පෞද්ගලික සංචාරක හෝටල්වල නීරෝධායන කටයුතු සඳහා යොමුකර ඇති බව සඳහන්.

Exit mobile version