මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 3262ක් දක්වා ඉහළට

ලංකාවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 3262ක් දක්වා ඉහළ ගොස් ඇත.

 

ඊයේ දිනයේ නව ආසාදිතයින් 28 ක් හදුනාගැණුනු අතර එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් 11 ක් ඉන්දීය ජාතික නාවිකයින් පස් දෙනෙකු බහරේන් සිට පැමිණි නාවිකයින් සිව් දෙනෙකු, බංග්ලාදේශයේ සිට පැමිණි පුද්ගලයින් පස් දෙනෙකු එම ආසාදිතයන් විය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ කුවේට්, කටාර් සහ වියට්නාමය වැනි රටවල සිට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු ද කොරෝනා රෝගීන් බවට හඳුනාගත් බවයි.

මේ වන විට කොවිඩ් ආසාදිතයින් 244 දෙනෙකු රෝහල් කිහිපයක පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන අතර හඳුනාගෙන ඇති කොරෝනා 3262ගෙන් 3005 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Exit mobile version