බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අවිනිශ්චිත වෙයි

ඔක්තෝබර් මාසයේදී ආරම්භ කිරිමට නියමිත බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අවිනිශ්චිත වි තිබේ.

 

ඒ කොරෝනා නිරෝධායන ක්‍රමවේදයන් පිළිබඳ ව මතු වී ඇති ගැටලුවක් හේතුවෙන්.

බංග්ලාදේශ ටෙස්ට් කණ්ඩායම මෙරටට පැමිණි පසු පුහුණුවීම් ආරම්භ වීමට ප්‍රථම සතියක කාලයක් නිරෝධායනය විය යුතු බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය සතියේ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දී තිබුණේ.

නමුත් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම නිරෝධායන කාලය දින 14 ක් දක්වා වැඩිකර තිබේ.

එම තීරණය පිළිබඳ ව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානි නස්මුල් හසන් කියා සිටින්නේ, තම ක්‍රීඩකයින්ට එතරම් දීර්ඝ කාලයක් හොටෙල් කාමර තුළට වී සිටීම අපහසු බවයි.

Exit mobile version