අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සියතට

ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද උදෑසන Voice of Asia මාධ්‍ය ජාලයේ සියත tv හි වින්ඩ්සර් කාරියප්පෙරුම මැදිරි සංකීර්ණයේ දී සම්මුඛ සාකච්ඡාවකට එක්වූ අතර ඉන්පසුව සියත ටීවී ප්‍රධාන පාලක මැදිරියද නිරීක්ෂණය කළේය.

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයකු Voice of Asia Network මාධ්‍ය ජාලයෙ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ ප්‍රථම අවස්ථාවද මෙය වේ. 4K Ultra HD තාක්ෂණයෙන් යුතු ලංකාවේ එකම රූපවාහිනි සම්ප්‍රේෂණය මධ්‍යස්ථානය නැරඹු එතුමා ඉන් අනතුරුව තේ පැන් සංග්‍රහයකට සහභාගී වී සියත කාර්ය මණ්ඩලය සමඟ ද සුහද පිළිසඳරක යෙදුනි.

අග්‍රාමාත්‍ය තුමාගේ සම්මුඛ සාකච්ඡාවේ සම්පූර්ණ විකාශය පෙබරවාරි (07) හත් වනදා රාත්‍රී 8.00ට සියත ටීවී ඔස්සේ බලාපොරොත්තුවන්න.

පහත විඩීයෝව නරඹන්න.

Exit mobile version