මංතීරු නීති උල්ලංඝනය කරන රියදුරන්ට දඩ

කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල දිගින් දිගටම ඇතිවන මාර්ග තදබදය අවම කිරීම සඳහා ප්‍රමුඛතා මංතීරු නීතිය බලාත්මක කිරීමට පොලිසිය කටයුතු කළා.

 

මෙම මංතීරු නීතිය තුළ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පොලිසියේ සහය සඳහා විශේෂ ඩ්‍රෝන මෙහෙයුමක් ද දියත් කර තිබෙනවා.

ඒ අනුව කොළඹ නගරයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ග ලෙස සැලකෙන රාජගිරිය, නුගේගොඩ, බොරැල්ල සහ ගාලු පාර ආවරණය වන පරිදි ගුවන් හමුදාව ඩ්‍රෝන යානා 4ක් උපයෝගී කර ගනිමින් නිරීක්ෂණ කටයුතු වල යෙදී සිටිනවා.

මංතීරු නීතිය කඩකරන රියැදුරන්ගෙන් හෙට(17) සිට දඩ අය කරන බව පොලීසිය පවසයි.

ඒ අනුව මංතීරු නීතිය කඩකරන රියැදුරන්ගෙන් රුපියල් 2000ක ස්ථානීය දඩයක් අය කෙරෙනු ඇති.

Exit mobile version