සිවාජිලිංගම් ඇප මත නිදහස් කරයි

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා ඇප මත නිදහස් කර තිබේ.

රුපියල් ලක්ෂ දෙකක පුද්ගලික ඇප මත ඔහුව නිදහස් කළ බවයි වාර්තා වන්නේ.

ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ වැකි සහිත බැනරයක් ප්‍රදර්ශනය කරමින් සිදුකළ සැමරුමක් සම්බන්ධයෙන් කෝපායි පොලීසිය විසින් ඊයේ(15)ඔහුව තවත් පුද්ගලයෙක් සමග අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම නඩුව සැප්තැම්බර් 25 වැනිදා නැවත කැඳවීමට නියමිතය.

Exit mobile version