ලොරි රථයක ගැටී සිදු වූ අනතුරකින් දැරියක් මරුට

ඊයේ (16) සවස 3.30ට පමණ වලපනේ ප්‍රධාන මාර්ගයේ කිලෝ මීටර 70 කණුව අසල දී සිදුවු රිය අනතුරකින් 11 හැවිරිදි දැරියක් ම්යගොස් තිබේ.

 

රාගල දෙස සිට වලපනේ දෙසට ධාවනය වු ලොරි රථයක ගැටී මෙම අනතුරට සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබු දැරිය නුවරඑළිය රෝහල ට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර මෙසේ මියගොස් ඇත්තේ සූරියකන්ද, රාගල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මෙම අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර රාගල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Exit mobile version