Home දේශීය පුවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට

0
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට

ඉතිහාසයේ මෙරට සිදුවූ විශාලතම මූල්‍ය වංචාවක් වූ මිග් යානා ගනුදෙනුවේ ප්‍රධාන වංචාකරු ලෙස සැලකෙන රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ඊයේ (04) අලුයම ඩුබායි ගුවන්තොටුපොළේදී ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ‍ගෙන තිබේ.

මොහු ශ්‍රී ලංකාවට ගෙන ඒම සදහා නියෝගයක් ලබා ගැනීමට නියමිත බව විදේශ තානාපති සහ පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. රට රටවල්වලට පැන යමින් සැඟවී සිටි උදයංග වීරතුංග මහතා ඩුබායි ගුවන්තොටුපොළ හරහා ‍ඊයේ අමෙරිකාව බලා යාමට සූදානම්ව සිටියදී මෙසේ අත්අඩංගුවට පත්වී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ඒ අනුව උදයංග වීරතුංග මහතා ඊයේ ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ ජාත්‍යන්තර වරෙන්තු මත වෙයි. උදයංග වීරතුංග මහතා රුසියාවේ ශ්‍රී ලංකා‍ තානාපති වශයෙන් මෙන්ම මෙරට ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී රුපියල් කෝටි සිය ගණනක අතිවිශාල මූල්‍ය වංචාවක් සිදුකර ඇති බවට චෝදනා එල්ල වී ඇත.

මෙම මිග් යානා ගනුදෙනුවේදී මෙරටට යුක්රේනයෙන් හෝ වෙනත් රටකින් මිග් යානා මිලදී ගත් බවට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර ඒවා උදයංග වීරතුංග මහතාගේ පෞද්ගලික ස්ථානයකදී අත්සන් කර රුපියල් කෝටි ගාණක එම මුල්‍ය වංචාව සිදුකර ඇති බව මූල්‍ය අපරාධ කොට්ඨාසය සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණය විණි.

 

උදයංග වීරතුංග මහතා ඊයේ උදේ ඩුබායි ගුවන්තොටුපොළේ සිටියදී ඔහු පිළිබඳ සැක කර ඇති ජාත්‍යන්තර පොලිසිය සහ බුද්ධි අංශ ඔහුගෙන් ප්‍රශ්න කර පසුව අත්අඩංගුවට ගෙන තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version