බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම්වලින් 401ක් අත්අඩංගුවට

බස් නැවතුම්පොළ, දුම්රිය ස්ථාන ඇතුළු බස්නාහිර පළාතේ පොදු ස්ථානවල මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් සම්බන්ධයෙන් සිදුකළ වැටලීම්වලදී සැකකරුවන් 400කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(18) රාත්‍රි 07.00 සිට රාත්‍රි 09.00 දක්වා පැය දෙකක කාලය තුළ සිදුකළ මෙම මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 401 දෙනෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසුවේය.

එහිදී හෙරොයින් ග්‍රෑම් 65යි මිලිග්‍රෑම් 371ක් සමග සැකකරුවන් 164 දෙනෙකු, ගංජා ග්‍රෑම් 210 මිලිග්‍රෑම් 510ක් සමග 88 දෙනෙකු, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 26යි මිලිග්‍රෑම් 70 සමග සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Exit mobile version