ඉන්දියාව තුළ ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ අල්කයිඩා සාමාජිකයින් 9ක් අත්අඩංගුවට

ඉන්දියාවේ නවදිල්ලි නුවර ඇතුළු ප්‍රදේශ කිහිපයක ප්‍රහාර එල්ල කිරීමට සැලසුම්කර සිටි අල්කයිඩා සාමාජිකයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් ඉන්දියාවේ ප්‍රධාන ස්ථාන රැසක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර සිටි බවට අනාවරණය වී ඇති බව ඉන්දීය ප්‍රධාන ත්‍රස්ත මර්දන ඒජන්සිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අල්කයිඩා සංවිධානයට සම්බන්ධ සාමාජිකයින් 6 දෙනෙකු නැගෙනහිර බෙංගාල ප්‍රදේශයේදී ද, තවත් තිදෙනෙකු දකුණු කේරළ ප්‍රාන්තයේදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

Exit mobile version