පාර්ලිමේන්තුවේ කාරකසභා සභාපතිවරුන්ට විශේෂ වැඩමුළුවක්

අද(21) පාර්ලිමේන්තු සංකීරණයේදි විශේෂ වැඩමුළුවක් පැවැත්විමට නියම්තව ඇත.

 

ඒ අනුව අද පස්වරු 2ට පාර්ලිමේන්තුවේ කාරකසභා සභාපතිවරු සඳහා මෙම විශේෂ වැඩමුළුව පැවැත්විමට නියම්තයි.

පාර්ලිමේන්තුවේ කටයුතු සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සම්බන්ධයෙන් මෙම වැඩමුළුව පවත්වනු ලබන අතර පාර්ලිමේන්තුව කාරකසභා සභාපතිවරුන් 12 දෙනෙකු නියෝජනය කරන අතර කථානායකවරයා සහ නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුවේ නොසිටින අවස්ථාවලදී මෙම සභාපතිවරුන්ගෙන් එක් අයෙකු සභාවේ කටයුතු මෙහෙයවීම සිදුකරනු ලබයි.

වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් වන සාරති දුෂ්මන්ත, එස් වේලුකුමාර්, මයන්ත දිසානායක, හර්ෂණ රාජකරුණා, රෝහිණි කුමාර් විජේරත්න, සංජීව එදිරිමාන්න, කෝකිලා ගුණවර්ධන යන අය කාරකසභා සභාපතිවරුන් ලෙස පත්කෙරුණි.

තවද ඉසුරු දොඩංගොඩ, වසන්ත යාපා බණ්ඩාර, අජිත් රාජපක්ෂ, එස්.ආර් රාසමානික්කම් සහ වීරසුමන විරසිංහ යන මන්ත්‍රීවරුන් ද කාරකසභා මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරයි.

Exit mobile version