මහනුවර ගිලා බැසීමට ලක්වූ ගොඩනැගිල්ල අවට පවුල් ඉවත් කෙරේ

ඊයේ(20) දින උදෑසන මහනුවර, බූවැලිකඩ ගිලා බැසීමට ලක්වූ පස් මහල් ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ, නිම්නයක ආරම්භක ප්‍රදේශයක සිට බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරයි.

 

අදාළ නිම්නාකාර ප්‍රදේශයේ ලිහිල් පාංශු ස්ථර මත එම පස් මහල් නිවස ඉදිකර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ මහනුවර දිස්ත්‍රික්කය භාර භූ විද්‍යාඥ සමන්ත බෝගහපිටිය මහතා පැවසුවේය.

එම ගොඩනැගිල්ලේ බර දරා ගැනීමට නොහැකිව ගිලා බැසීම සිදුවි තිබෙන අතර පවතින තත්ත්වය යටතේ එම ස්ථානය ආශ්‍රිතව පවතින පවුල් 4 ක් තාවකාලිකව ඉවත් කර ඇති බවද භූ විද්‍යාඥ සමන්ත බෝගහපිටිය මහතා සදහන් කළේය.

එම පස්මහල් නිවස ගිලා බැසීමට භු කම්පන තත්ත්වයක් හේතු වී නොමැති බව භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා පැවසීය.

මහනුවර, බූවැලිකඩ සංඝමිත්තා මාර්ගයේ පිහිටා තිබූ පස්මහල් ගොඩනැගිල්ලක් ගිලා බෑසීමෙන් ඊයේ කුඩා බිළිදියක ඇතුළු තිදෙනෙකු ජීවික්ෂයට පත්වූ අතර යාබද පිහිටි නිවසක් මතට එය කඩා වැටීමත් සමග එහි සිටි නිවැසියන් 6 දෙනෙකු සුන්බුන් අතර සිරවූ අතර තිදෙනෙකු ඉන් ගලවා ගැනීමට යුද හමුදාව හා පොලීසිය සමත් විය.

අනතුරින් ජීවිතක්ෂයට පත් චමිල ප්‍රසාද් ව්‍යාපාරිකයෙක් හා ඔහුගේ බිරිඳ අචලා ඒකනායක නීතීඥවරියෙක් වන අතර පසුගිය වසරේ නොවැම්බර් මස විවාහපත් ඔවුන්ගේ මාස එකහමාරක් වයසැති එකම දරුවාද අනතුරින් ජිවිතක්ෂයට පත් වි තිබේ.

Exit mobile version