පසුගිය රජය සමයේ රාජ්‍ය බැංකු, අනුබද්ධ ආයතන තුළ සිදුකර ඇති අක්‍රමිකතා ගැන පැමිණිලි 100ක්

යහපාලන රජය සමයේ දී රාජ්‍ය බැංකු සහ ඒවාට අනුබද්ධ ආයතන තුළ සිදුකර ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිලි 100කට අධික සංඛ්‍යාවක් මේ වන විට ලැබී ඇතැයි ඒ පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ කමිටුව පවසයි.

 

බැංකු, වෘත්තීය සමිති සහ මහජනතාව එම පැමිණිලි ඉදිරිපත් කර තිබේ.

තවදුරටත් එම පැමිණිලි ලැබෙමින් පවතින බැවින් පැමිණිලි භාරගැනීම සඳහා ලබා දී තිබූ කාලය සැප්තැම්බර් මස 30 වැනිදා දක්වා දීර්ඝ කරන බවත් එම කමිටුව පවසයි.

ප්‍රධාන රාජ්‍ය බැංකු හතර තුළ 2015 ජනවාරි මස 08 වැනිදායින් පසු සිදුව ඇති අක්‍රමිකතා, ඒකී ආයතනවල අරමුණුවලට පටහැනිව සහ බැංකු පනතේ විධිවිධාන සහ කාර්ය පරිපාටිවලට අනුකූල නොවන අයුරින් කටයුතු කළ අවස්ථාවන් සහ ඵලදායී නොවූ ක්‍රියාවන් හා ගණදෙනු විධිමත්ව අධ්‍යනය කිරීම සඳහා මෙම සිව් පුද්ගල කමිටුවක් පත්කර ඇත.

හිටපු මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක මහතා මෙම කමිටුවේ සභාපති ලෙස කටයුතු කරනු ලබයි.

Exit mobile version