Home දේශීය පුවත් උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගවල උපකාරක පන්ති නැවැත්වීය යුතු දිනය

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගවල උපකාරක පන්ති නැවැත්වීය යුතු දිනය

0
උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගවල උපකාරක පන්ති නැවැත්වීය යුතු දිනය

ලබන 06 වැනිදා මධ්‍යම රාත්‍රි 12 න් පසු උසස් පෙළ විභාගයට අදාළ සියලු උපකාරක පන්ති, සම්මන්ත්‍රණ හා වැඩමුළු  විභාගය අවසන් වන තෙක් සම්පූර්ණයෙන් තහනම් බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

 

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පන්ති හා වැඩමුළු හා සම්මන්ත්‍රණ ලබන 07 වැනිදා මධ්‍යම රාත්‍රී 12 න් පසු තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දක්වා තිබේ

අපොස උසස් පෙළ විභාගය ලබන 12 වැනිදා ආරම්භ වන අතර එය නොවැම්බර් මස 06 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 11 වැනිදා පැවැත්වෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version