පූජිත් ජයසුන්දර අද පාස්කු කොමිසමට කැඳවයි

අද(28) දිනයේ දී හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටිමට නියමිතයි.

 

ජනාධිපති කොමිසම හමුවේ හිටපු පොලිස්පතිවරයා සාක්ෂි ලබා දෙන සිව් වන අවස්ථාව මෙය වන අතර අද උදෑසන 10.30ට හිටපු පොලිස්පතිවරයාට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

පසුගිය අවස්ථාවලදී හිටපු පොලිස්පතිවරයා සාක්ෂි ලබා දෙන අවස්ථාවලදී සාක්ෂි සවන්දෙන්නෙකු ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොමිසම වෙත පැමිණි අතර අද දිනයේ දී හිටපු ජනාධිපතිවරයා කොමිසමට පැමිණෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මේ දක්වාත් දැනුම් දී නොමැත.

දේශපාලන පළිගැනිම් පිළිබඳ කොමිසමට අද දිනයේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වු ලලිත් ජයසිංහ මහතාටද කැඳවා තිබේ.

Exit mobile version