හෙරොයින් සමඟ අවිස්සාවේල්ලේ ගවුස් ගේ ගෝලයෙක් අත්අඩංගුවට

හෙරොයින් ජාවාරම්කරුවකු වන අවිස්සාවේල්ලේ “ගවුස්“ නැමැත්තාගේ ගෝලයෙක් හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

 

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයට ලද තොරතුරක් අනුව හෙරොයින් සමඟ එම සැකකරු ඊයේ(28) බොරැල්ලේදී අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු 48 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරෙක් බව වාර්තා වේ.

එම සැකකරු ප්‍රබල කුඩු ව්‍යාපාරිකයෙක් වන අවිස්සාවේල්ලේ ගවුස් නමැත්තාගෙන් කුඩු මිලදී ගෙන බොරැල්ල සහ අවට ප්‍රදේශවල අලෙවි කරන බවට අනාවරණය වී තිබේ.

Exit mobile version